ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙකු සමඟ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට කඩිනමින් මැදිහත් වන ලෙසත් උපදෙස් ලබා දුන්නා.
එසේම ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් සිටින බැවින් රටේ වත්මන් අවශ්‍යතා සහ අභියෝග වටහා ගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
විශේෂයෙන් විදේශ ආදායම් ඉපයීමේදී ආයෝජන, අපනයන, සංචාරක සහ රැකියා යන ක්ෂේත්‍ර 4 තුළ තානාපති කාර්යාලවලට විශේෂ වගකීමක් පැවරී තිබෙන බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
ආර්ථිකයේ බාහිර ස්ථායිතාව ඇති කිරීමේදී තීරණාත්මක සාධකයක් වන විදේශ විනිමය මාර්ග සියල්ලම තානාපති කාර්යාල සමඟ බැඳී පවතින බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.