මෙරට දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපාන රජයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේදී ජපාන තානාපති අකියෝ ඉසොමටා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කුබොටා සහ අධිකරණ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය, ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා ව්‍යාපාර භාවිතයන්හි පවතින විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, යන කරුණු මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
උණුසුම් පුවත්
- පොලිස් සහතිකයක් ලබා ගැනීමේ නව ක්‍රමවේදය සාර්ථක නැහැ
- බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
- රුසියා – යුක්රේන යුධ ගැටුම් විසදීමට ඇමරිකාවෙන් යෝජනා 28 ක්
- දඹුල්ලට නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
- පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
- පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
- පාකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
- අයර්ලන්තය සමග පැවති දෙවන තරගයේ ජය බංග්ලාදේශයට













