රත්රන් ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අධිකරණයේ නියෝගයක් අනුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ඔහු බන්ධනාගාර රෝහලට මෙසේ ඇතුළත් කෙරුණු බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම ගිනි අවි සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.