හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද උදෑසන සිදු වූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරැ සදහන් කළේ.
දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තිබූ අවස්ථාවේදී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී තිබෙනවා. එහිදී වෑන් රථය ගොස් බවුසරයක ගැටී තිබෙනවා.
අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.