දුම්රිය සේකයන් දහස් ගණනක් හෙට(25) සවස 4 සිට පැය 48ක වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා.
එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ අතිකාල කප්පාදු කිරීමක් මුල් කර ගනිමින් දුම්රිය මාර්ග හා කර්මාන්ත, සංඥා ඇතුළු උප දෙපාර්තමේන්තුවල සේවකයන් වර්ජනයට එක්වන බවයි.
දුම්රිය සේවකයන් සඳහා අතිකාල ගෙවීම් පැයට පැය එකහමාරක් වශයෙන් සිදු කළත් මේ වන විට එම ගෙවීම් පැයට පැයක් ලෙස ගෙවීම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙය බලවත් අසාධාරණයක් බවයි දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඩී. අබේතරන් මහතා පවසන්නේ.
අබේරතාන මහතා වැඩිදුරටත් කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම සේවකයන් පිරිසක් නියෝජනය කරනු ලබන්නේ දුම්රිය මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව යටතේ බවයි.
එසේම සංඥා උප දෙපාර්තමේන්තුවේද ඊට ආසන්නම සේවක සංඛ්‍යාවක් කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.
දුම්රිය සේවක සංගමය වත්මන ්රජය බලයට ඒමට පෙර සිටම කටයුතු කළ ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිතියකි.