Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය ස්ථානය අසලම බහුවිධ ප්‍රවාහන සේවයක්

    දුම්රිය ස්ථානය අසලම බහුවිධ ප්‍රවාහන සේවයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-15කියවීමට මිනිත්තු 3ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුම්රිය ස්තානය ආසන්නයේම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(14) පස්වරුවේ හැටන් බස් නැවතුම්පොලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස කියා සිටියා.

    “අද දිනයේදී අපි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පිහිටවනු ලැබුවා.

    ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපේ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ කමිටු පිහිටුවනවා.

    14 වැනිදා දිනයේ අප නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු කලේ ඒ කටයුතුයි.

    රටේ මිනිස්සු මිලියන 22කටම සම්බන්ධ දෙයක් තමයි ප්‍රවාහනය. අපේ රටේ ප්‍රධාන ගැටලුවක් තමයි ප්‍රවාහනය.

    සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන්නේ බස් රථ, කෝච්චිය නැත්නම් ත්‍රීවීල් එක වගේම පාසල් බස් රථ වැනි දේවල්.

    ඒවා හරියට පාලනය වෙන්නෙත් නෑ. පහසුකම් ඇත්තෙත් නෑ.

    මේ ප්‍රදේශයේ වැඩිපුරම කඳුකර ප්‍රදේශයක්.

    වතු ජනතාව ඉන්නේ ආර්ථික වශයෙන් අමාරු ප්‍රදේශයක්.

    නමුත් හරියට ප්‍රවාහන සේවාව සපයන්න ගැටලු රාශියක් තියෙනවා. 

    පාරවල් ප්‍රශ්න තියෙනවා.

    ඒ හේතුවෙන් අපි සම්බන්ධීකරණ කමිටුව පිහිටුවා ගත්තා.

    ඒකේ සභාපති වශයෙන් පත් වුණෙත් මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීතුමා.

    එතකොට අපිට පුළුවන් වෙනවා කොළඹයි නුවරඑළියෙයි තියෙන ප්‍රශ්න වේගයෙන් කතා කරලා විසඳගන්න.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න විතරක් මිලියන 2500කට ආසන්න මුදලක් වෙන් කරලා තියෙනවා.

    අපි 14 වැනිදාත් මිලියන 300කට ආසන්න මුදලක් අලුතිනුත් ලබාදුන්නා.
    පාරවල් හදන්න.

    පාරවල් හදනවට වඩා අමාරුයි කෝච්චි, ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ තරහා වෙලා වගේනේ ඉන්නේ.

    එකම මිනිස්සු තැන් දෙකකින් බෝඩ් කරන්නේ. ඒ නිසා ඒකාබද්ධ කාලසටහනකට යා යුතුයි.

    අපි 14 දිනයේ දැනුම් දුන්නා ලබන වසරක කාලය තුළදී ක්‍රමානුකූලව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට යන්න ඕන.

    ලංගම සහ පෞද්ගලික යන දෙපැත්තෙන්ම හැදිය යුතු කාරණා තිබෙනවා.

    අපට මේ පිළිබඳ එකට බලන්න වෙන්නෙ. එක් පැත්තකින් මේක මහජනතාවගේ අවශ්‍යතාවයක්, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයක්.

    නත්තලට කඩ දානවා වගේ මංගල්ලෙට කඩ දානවා වගේ නෙවෙයි ප්‍රවාහනය කියන්නේ. කෝටි ගානක් වටිනවා.

    ඒ නිසා අපි ව්‍යාපාරේ පැත්ත බලන්නත් ඕන.

    ඒ කියලා ව්‍යාපාරිකයා මංකොල්ලයක් ලෙස කරොත් එහෙම ඒක ව්‍යාපාරයක් වෙන්නේ නෑ.

    ඒ හේතුවෙන් මේ දෙයකට අදාළව යම් කාලයක් දෙමින් අපි පිළිවෙළක් කරන්න යනවා.

    හැටන් නගරය අපේ රටේ ඉතාම වැදගත් නගරයක් වගේම ඉතාම වැදගත් දුම්රිය මධ්‍යස්ථානයක්.
    ඒකේ විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා.

    දුම්රිය ස්ථානය අසලම බස් නැවතුම් පොළක් ඉදිකරන්න පුළුවන් නම් බහුවිධ ප්‍රවාහන සේවයක් එක තැනකට අරගෙන යාම අප හිතනවා ජනතාවට ඉතාම විශාල සේවයක් වෙයි කියලා.

    මේ අවුරුද්දේ අපි අයවැයට දාලා තියෙනවා එවැනි ස්ථාන 15ක් ගොඩනගන්න.

    ලබන අවුරුද්දටත් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න එවැනි ස්ථාන 25ක්.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක්ම එකතු කරන්න වෙයි කියලා.

    වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අපි පොරොන්දුවක් ලබාදුන්නා. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා.

    අපි මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ.

    වතු සමාගම් මේ වන විට විශාල ලාභයක් උපයනවා.

    අපි ඒ අනුව වතු කම්කරුවන්ට පොරොන්දු වුණා රුපියල් 1700ක් ලබාදෙනවා කියලා.”

    ආශ්‍රීත පුවත්:  ආසන පටි නැත්තන් බස්රථවල බලපත්‍ර අහෝසි කරයි?
    bimal rathnayaka Bimal Rathnayake
    පෙර පුව​තලංගම බසයේ එන්ජිමට යූරියා පොහොර දැම්ම ගැන පොලිසියෙන් විමර්ශනයක්
    ඊළඟ පුව​ත රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group