අද සහ හෙට යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුනා. ඒ අනුව හෙට දින ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දරන දුම්රිය අතිහිටුවා තිබෙනවා. තවද මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත සමුද්‍රදේවී දුම්රිය පැය 1ක් පමණ ප්‍රමාදකර පෙරවරු 06.30 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මීට අමතරව අද කොළඹ කොටුවෙන් පස්වරු 07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල රැකියා සදහා තවත් ලාංකිකයින් පිරිසක්
- මාපිය රැකවරණ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක්
- ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්
- තංගල්ලට ගෙනා බෝට්ටුවෙන් හමු වූ දේ
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
- යටියන්තොට, තංගල්ල, කළුතර අයවැය මාලිමාව පරදී
- නුගේගොඩ රැළිය ගැන පොලිසියෙන් නිවේදනයක්












