සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය පියවර නොගන්නේ නම් දැනට කරගෙනු යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.
එලෙස වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර ක්‍රියාත්මක වීමේදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු විය හැකි බවද එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් මහතා කියා සිටියා.
දුම්රිය සේවයේ පුරප්පාඩුව ඇති නියාමකවරුන් බඳවාගැනීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් ලංකා දුම්රිය නියාමක සංගමයට අයත් සාමාජිකයන් ඊයේ(18) දින සිට වෘත්තී්‍ය ක්‍රියාමාර්ගයක නිතර වී සිටිනවා.