දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසනවා. දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී අවසන් කර තිබුණද, එම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණනය ප්‍රකාශයට පත් කරමින් ජාතික විගනණ කාර්යාලය මේ බව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් දීප ව්‍යාප්තව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණා. මේ අතර එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ සියළු නිලධාරීන් පෞද්ගලිකව සහ සාමූහික වශයෙන් පද්ධතියට ඇතුළත් නොවීම, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් ප්‍රකාරව අදාළ සන්නිවේදන නියෝජිතායතනයෙන් නඩත්තු කටයුතු සිදු කර ගැනීමට පියවර නොගැනීම, සමස්ත පද්ධතියේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම යනාදී ප්‍රධාන දුර්වලතාවන් හේතුවෙන් මේ වන විට ව්‍යාපෘතිය කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බවටද අනාවරණය වී තිබෙනවා.
උණුසුම් පුවත්
- චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
- අයිස් සමග පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට
- මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
- කර්මාන්ත අමාත්‍යංශයෙන් නිවේදනයක්
- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
- නීති විරෝධී දුම්වැටි, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අත්ඔරලෝසු තොගයක් අල්ලයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?










