අලුත්ගම කළුවාමෝදර, දේවාල මාර්ගයට ආසන්න ප්‍රදේශයේදී කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ විශේෂ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ ගැටී අද පෙරවරුවේ කාන්තාවක් මියගොස් තිබෙනවා.
අලුත්ගම පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම කලුවාමොදර ලිපිනයේ පදිංචිව සිටි තුයියාදුර සිරියාවතී නෝනා නැමැති වයස අවුරුදු 67ක විවාහක කාන්තාවක් බවයි.
මෙම කාන්තාව පදිංචි නිවසට ආසන්නව දුම්රිය මාර්ගය අයිනේ ගමන් කරමින් සිටියදී බෙලිඅත්ත දක්වා ගමන් ගත් විශේෂ දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහල වෙත සිරුර යොමු කර තිබෙනවා.