කිලිනොච්චිය, අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මිය ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 28 ක් වූ පොන්නගර් උතුර, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.