තම පියාගේ අභාවය සැලවීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.
ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 8.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුද පැමිණ සිටි අතර වහා ගුවන් තොටුපොළෙන් නිෂ්කාශනය වූ දුනිත් කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ(18) රාත්‍රී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා.
54 වන වියේ පසු වූ සුරංග මහතාට හදිසියේම ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.