දීපාවලී උත්සව සමයට නිවාඩු ලබා වතුකරයට පැමිණි විශෘල පිරිසක් ආපසු අද (27) දින රැකියා ස්ථානවලට යැමට සිදු වී ඇතත්, ප්‍රවාහන පහසුකම් නොමැති නිසා ආපසු රැකියා කල ස්ථානවලට යෑමට නොහැකි බවයි එම මගී ජනතාව කියා සිටියා.
හැටන් බස් නැවතුම්පොළට අද (27) අලුයම සිට විශාල මගීන් සංඛ්‍යාවක් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා ස්ථානවලට යෑමට ලංගම බස් නැවතුම්පොලේ රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් බස් නැවතුම්පොලේ සිට පෞද්ගලික බස් රථ කිහිපයක් පමණක් කොළඹ දක්වා ධාවනය කරන අතර, එම බස් රථ වලද මගීන් විශාල ප්‍රමාණයක් රැදී සිටිම හේතුවෙන් බස් රථවලට ගොඩ වීමට මගීන් පොර කන ආකාරයක්ද දක්නා ලැබුණා.
කොළඹ දක්වා ධාවනය කිරිමට ප්‍රමාණවත් ලංගම බස් රථ ධාවනයට එක් නොකිරීම සම්බන්ධයෙන් එම ඩිපෝවේ සහකාර ධාවනය කළමණාකාර සමන්ත රත්නායක මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ දීපාවලී උත්සවයට පැමිණි විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැකියා සදහා පිටත්ව ගියද තවත් විශාල පිරිසක් තවත් රැකියා ස්ථානවලට නොයෑමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.
තම ඩිපෝවේ බස් රථ සහ වෙනත් ඩිපෝවලින් හැටන් ලංගම බස් නැවතුම්පොළට පැමිණෙන ලංගම බස් රථවලින් අද(27) දින පෝලිම්වල රැදී සිටින පිරිස යැවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.













