ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ඊයේ රාත්‍රී 9 සිට අද රාත්‍රී 9 දක්වා වූ පැය 24 සඳහායි නිකුත් කර ඇත්තේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ බදදේගම ,මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය , කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා නෝර්වුඩ් යන ප්‍රදේශීය ලේකම් කොට්ටාස සදහා මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද නිකුත් කර ඇත්තේ නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ කහ නිවේදනයි.