උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය දිවි නසාගෙන තිබෙනවා.
ඒ සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගැනීමෙන්.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ මහියංගනය පොලිසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයෙකි.
57 හැවිරිදි වියේ පසුවන ජීවිතක්ෂයට පත් උප පොලිස් පරීක්‍ෂකවරයා හසලක වේරගංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු දෙදරු පියෙක්ද වනවා.
එසේම ඔහු කිසියම් පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දින කිහිපයේදී සිත්තැවුන්ලෙන් පසු වූ බවටද වාර්තා වනවා.