අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන තුළ පාරිභෝගිකයින් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය නිල ඞ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900 ක් ද ඒ අතර වාර්තා වී ඇති බවයි.
ඒ අනුව පැය 24 ක් තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.