නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ මධ්‍යම රාත්‍රීය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 30 ක කාලය තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අද සිට ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ දැඩිව අවධානය යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.ඳා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද අහස වලාකුළින් බරව පැවතිය හැකියි .
එමන්ම බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 02 බැගින් විවෘත කිරීමට එම ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
ඒ සමඟ එමඟින් මේ වනවිට තත්පයට ඝණ අඩි 2 640ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇත්තේ එම මාර්ගයේ අවුකන විහාරස්ථානය අසලින් කලාඔය පිටාර ගැලීමෙන් එම මාර්ගය ජලයෙන් යටව තිබීම හේතුවෙන්.
එම ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර පවතින වැසි තත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගියහොත් එම හදිසි වාන් දොරටු තවත් විවෘත කිරීමට සිදුවිය හැකි බව කලාවැව ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය සදහන් කළා.













