දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදු කරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිකාර ලබන වන අලින්ගෙන් වැඩි දෙනෙකු වෙඩි වැදීම්වලට සහ මදුවලට හසු වී පාද ආබාධයට ලක්වූ වන අලින් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අනුව අනුරාධපුරය වනජීවි කලාපයේ වන අලින් අට දෙනෙකු, පොළොන්නරුව වනජීවි කලාපයේ වන අලින් සිව් දෙනෙකු, වයඹ වනජිවි කලාපයේ වන අලින් තිදෙනෙකු සහ ඌව වනජීවි කලාපයේ වන අලින් පස් දෙනෙකු එලෙස ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පවසන්නේ දිගම්පතන ප්‍රදේශයෙන් වාර්තා වු වන අලි මරණ තුන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෙනත් සහය ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි.