දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද, ඇතැම් ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය “සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර” මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ තිබෙනවා.
කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් මධ්‍යස්ථ හෝ යහපත් මට්ටමක පවතින බව ද සඳහන්.













