ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු නිර්මාණය කරන චිත්‍රපටයක මෙරට කෙරෙන රූගත කිරීම් වලට දායකවීම සඳහා සම්මානලාභී සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් මෙරටට පැමිණ තිබෙනවා.
ඔස්කාර් සහ එමී සම්මානලාභී ජෙරමි අයන්ස් මෙලෙස ලංකාව වෙත පැමිණ ඇත්තේ වසර 12කට පසුව වන අතර, ඔහු පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් තිබුණු බව වාර්තා වනවා.