ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඊයේ රාත්‍රියේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් මියගිය ගණන මේ වනවිට නවය තෙක් ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් තුවාල ලැබූ ගණන 20 දෙනෙකු බවටයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රීයේ මෙලෙස පිපිරීමට ලක්ව තිබුනේ කාර් බෝම්බයක් බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
එය ත්‍රස්ත ප්‍රහාරයක් බවටද සැක පල කරනවා.
පිපිරීමෙන් පසු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, මුම්බායි නුවර ඇතුළු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ප්‍රධාන නගරවග ආරක්ෂාව තරකර තිබෙනවා.













