බණ්ඩාරදූව, නවගිරියාව වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වයස අවුරුදු පනහක් පමණ වූ මාපලගම, වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
මරණයට පත්වූ පුද්ගලයා මිතුරන් කිහිප දෙනෙක් සමගින් නවගිරියාව වැවේ දිය නෑමට ගොස් තිබෙනවා.
එලෙස දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
බණ්ඩාරදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.