දිය අනතුරකට ලක්වූ විදෙස් ජාතිකයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් මිරිස්ස වෙරළ තීරයේදී බේරාගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(20) දහවල් මිරිස්ස වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියද වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 59416 අජන්ත, පොලිස් කොස්තාපල් 96986 දිසානායක හා පොලිස් කොස්තාපල් 105268 කහවත්ත යන නිලධාරීන් විසින් එම විදේශ ජාතිකයා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදී ඇති බවයි.
බේරාගත් පුද්ගලයා වයස අවුරුදු 25ක් පමණ වන ජෝර්ජියා ජාතිකයෙකි.













