මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තේරීමේ නිලවරණය පැවැත්වීමට දින නියමවී තිබෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා කියා සිටියේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනකදී නිලවරණය පැවැත්වීමට නියමිත බවයි.
වර්තමාන දියවඩන නිලමේවරයාගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් 7 වැනිදායින් අවසන් වුණා.
දියවඩන නිලමේවරයකුගේ ධුර කාලය අවුරුදු 10කි.