හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා.
එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමටයි සමත් වුනේ.
මෙම තරගාවලිය සදහා යුද හමුදා රෙජිමේන්තු විසිපහක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දින තුනක් පුරා තරග වැදුණා.
මෙහිදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්, එක් යුද හමුදා වාර්තාවක් සහ නව තරග වාර්තා නමයක් පිහිටවනු ලැබුවා .
සමස්ත කාන්තා ශූරතාවය හිමිකර ගත්තේ ලකුණු දෙසිය පනස් හතක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායයි .
අනුශූරතාවය ලකුණු දෙසිය දොළහක් ලබාගත් යුද හමුදා සේවා බලකාය දිනා ගත්තා.
තරගාවලියේ පිරිමි සමස්ත ශූරතාවය ලකුණු 272 ක් ලබා ගත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් දිනා ගැනීමටයි සමත් වුණේ .
එහිදී අනු ශූරයන් වූයේ ලකුණු 148ක් ලබා ගත් යුද හමුදා කාලතුවක්කු හමුදාවයි.
යුද හමුදා කාන්තා බලකායේ නදීෂා රාමනායක තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ අරුණ දර්ශනයි.
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලියේ කුසලාන ප්‍රධානය යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.