පසුගිය 17 වැනිදා සිට අඛන්ඩව දින 07 පුරා ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බංඩාර මහතා පවසනවා.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුනා.
එම සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන බවට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බංඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ