එක්දින සේවය යටතේ සතියේ දින 05 දී පැය 04 ක් තුළ විදේශගමන් බලපත්‍රය ලබාදීමට තම දෙපාර්තමේන්තුව කටයුතු කරන බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතා පවසනවා.
එබැවින් රාත්‍රී කාලයේ සිට පෝලිම්වල රැදී සිටිමින් නිකරුනේ කාලය නාස්ති කිරීමෙන් වළකින ලෙසයි ආගමන විගමන පාලක ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
පසුගිය කාල සීමාව තුළ විදේශගමන්බලපත්‍ර ලබාගැනීම සදහා දිවා රාත්‍රී දිගු පෝලිම් පැවතියා.
ඊට පිලියමක් ලෙසයි සතියේ දිනවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දිවා රාත්‍රී සේවාව ආරම්භ කෙර ඇත්තේ.
එහෙත් එම තදබදය මේ වන විට අවසන්ව ඇති හෙයින් වැඩකරන දිනවල උදෑසන 06 සිට පස්වරු 02 දක්වා ටෝකන්පත්‍ර ලබාදීම සිදු කරනු ලබනවා.
එක්දින සේවය යටතේ දිනකට විදේශගමන් බලපත්‍ර 2000 ක් පමණ නිකුත් කරන බැවින් දිගුපෝලිම්වල රැදී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














