”දිට්වා” කුණාටුවෙන් විපතට පත් පවුල්වල සිටින දහම් පාසල් දු දරුවන්ට මැදවච්චියේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයෙන් අධ්‍යාපන උපකරන සහ දහම් පාසල් නිල ඇදුම් සකසා ගැනීමට අවශ්‍ය රෙදි බෙදාදීමේ වැඩසටහනක් 27 වනදා දහවල් මැදවච්චියේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයේ දී පවත්වා තිබෙනවා.
ප්‍රාදේශිය ලේකම් කසුන් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහනට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් සිටින විපතටපත් පවුල් 30ක් සහභාගි වී තිබෙනවා.
මැදවච්චයේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය තාමරවැව සිරිසුමන හිමියන් විසින් විදේශ රටක පදිංචි සිය දානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන් මෙය සංවිධානය කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය මත අසරණ වී සිටින දහම් දරුවන් සිටින පවුල් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම සත්ක්‍රියාව දහම් අධ්‍යාපනය නැවත නගාසිටුවීම ඉලක්කය කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව ඒ පිළිබඳ අදහස් දැක්වූ මැදවච්චයේ ශ්‍රී භාරතේන්ද්‍ර බෞද්ධ මධ්‍යස්තානයේ වැඩවාසය කරන පූජ්‍ය තාමරවැව සිරිසුමන හිමියන් සඳහන් කර සිටියා.
මැදවච්චිය ප්‍රාදේශීය ලෙක්ම බල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ නිවාසවල සිටින අධ්‍යාපනය හදාරන දූ දරුවන්ට අධ්‍යාපනය නගා සිටුවීමට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවත් ඉදිරියෙදී පාසල් මට්ටමින් එම දූ දරුවන්ට අතහිතදීමට රජය සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද සූදානම්ව සිටින බවත් එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා කියා සිටියා.
මෙම අවස්ථාවට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ ඵලදායිතා නිලධාරිණි තරංගා සෙනවිරත්න මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි ව සිටියා.













