දිට්වා ආපදා හේතුවෙන් විනාශ වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, මතුරට සහ නිල්දාණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නැවත ගොඩනැගීම අරමුණ කර ගත් බදුල්ලෙන් වලපනේට “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල ජනතාවකලේ සහභාගිත්වයෙන් අද(16) දින වලපනේ යොවුන් සේනාංක ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා.
ජනවාරි මස 16 දින සිට 19 වන දින දක්වා දින හතරක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි රාජ්‍ය නිලදාරීන් ඇතුළු දහස් ගණනක් වූ ජනතාව සම්බන්ධ වීම විශේෂත්වයක්.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම අධිෂ්ඨානයේ මෙහෙයුම මගින් අවහිරි වූ මාර්ග නැවත වාහන ගමනාගමනයට සුදුසු ලෙස සකස් කිරීම, විනාශ වූ ඇල හා අමුණු ප්‍රතිසංස්කරණය කර ගොවියන්ට නැවත වගා කිරීමට හැකි ආකාරයෙන් ගොවිබිම් සකස් කිරීම, ආපදාවට පත් පාසල් නැවත ඉගෙනුම් පරිසරයක් බවට පත් කිරීම, වෛද්‍ය සායන මගින් ජනතාවගේ සෞඛ්‍ය යළි ශක්තිමත් කිරීම, කලාකරුවන්ගේ රසවින්දන වැඩසටහන් මගින් පීඩාවට පත්වූවන්ගේ මානසික මට්ටම ශක්තිමත් කිරීම ආදි කටයුතු සිදු කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජ්‍ය පක්ෂය, ඌව පලාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික් නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන්ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.















