දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද බෝට්ටුවේ අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවන බවද සදහන්
එමෙන්ම එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.
නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව අද උදැසන සැකකරුවන් 05 දෙනෙකු සමග ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.













