හදිසි අනතුරක් හේතුවෙන් කොළොන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
කොළොන්න, ගිනිගල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මතට දැව කඳක් පෙරළීමෙන් බරපතල තුවාල ලබා කොළොන්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි කොළොන්න පොලිසිය පවසන්නේ.
කෑල්ල, කොළොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් පමණ වූ අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරණකරු තවත් පුද්ගලයෙකු සමග බූම් ට්‍රක් රථයකට දැව කඳන් පටවමින් සිටියදී දැව කඳක් මරණකරු මතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
කොළොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.