ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවය ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
2021 වසරේ ජනවාරි 6 වන දින ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයක් අර්ථය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBC පුවත් සේවයට චෝදනා එල්ලවුණා.
ඒ හේතුවෙන් පසුගිය සතියේදී එම නාලිකාවේ ඉහළ පෙළේ නිළධාරීන් දෙදෙනෙකුද සේවයෙන් ඉල්ලා අස්වී තිබුණා.
කෙසේ වුවද එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති අතර, ජනාධිපතිවරයා වන්දි සඳහා සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සංස්කරණය කිරීම හරහා ප්‍රචණ්ඩකාරී හැසිරීමක් සඳහා තම පාක්ෂිකයින්ට සෘජු කැඳවීමක් කර ඇති බවට වැරදි හැගීමක් ඇතිවන බව BBC පුවත් සේවය පිළිගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව ඇමෙරිකා ඩොලර් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරන බවටයි ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නීතීඥයින් සඳහන් කරන්නේ.













