යාපනය,කල්වියන්කාඩු,ජිපිඑස් ක්‍රීඩාංගනය අසළ 13 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ඊයේ(14) අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ යාපනය දිසා අපරාධ පරීක්ෂණ ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචි කනපතිපිල්ලෙයි මහේන්ද්‍රන් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව තිබුුුණා.
මියගිය පුද්ගලයා, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ හිතවතෙකු වන අතර, මියගිය පුද්ගලයා විසින් අත්අඩංගුවට ගත් අයෙකුගේ පවුලේ 09 හැවිරිදි දරුවෙකු අපයෝජනය කොට ඇති බවට වන ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් පැවසුුුවා.
මියගිය පුද්ගලයා 09 හැවිරිදි ගැහුණු දරුවා අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වු ගැටුමකින් අනතුරුව පහරකෑමට ලක්වු අදාළ පුද්ගලයා මියගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.
පොලිසිය පැවසූවේ අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිසා අපරාධ විමර්ශන ඒකකය හා කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.