කොළඹ ප්‍රදේශයට ඇද හැළුණු අධික වැසි සහ දැඩි සුළං තත්ත්වයන් හේතුවෙන් බම්බලපිටිය අපරාධ විමර්ශන කාර්යාලයේ වහළය ගැලවී ගොස් ඇති බව වාර්තා වනවා.
මේ අතර බම්බලපිටිය පොලිසියේ තිස්ස, ගැමුණු සහ රථ වාහන නිලධාරීන්ගේ භට නිවාසයන්හි වහළයන්හි ෂීට් ගැලවී හානි සිදුව ඇති බව වාර්තා වනවා.
එසේම බම්බලපිටිය පොලිස් ස්ථානයේ රථ වාහන ගාල් කරන ස්ථානය අසල තිබූ තේක්ක ගසක අත්තක්ද පොලිස් ස්ථානයට පිවිසුම් මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ විමර්ශන අංශයේ වහලය ගලවාගෙන ගියත් එහි වූ ලිපි ලේඛන කිසිවකටත් හානි සිදුව නොමැති බවත් හානි සිදු වූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිලධාරීන් යුහුසුළුව කටයුතු කළ බවත් වාර්තා වනවා.