ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබාදී තිබෙනවා.
ඒ තලෙයිබාන් පාලනාධිකාරිය විසින්.
මෙම කණ්ඩායම අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුලු අපරාධවලට වැරදිකරුවන් වූ පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඉස්ලාමීය කණ්ඩායම විසින් මසක් තුළ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වනවා.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝහා ප්‍රදේශයේ තලෙයිබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කාන්තාවන් තිදෙනා දඩුවම් කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි.
කෙසේ වෙතත් කස පහරට ලක්වූ පිරිමි පුද්ගලයින් 12 දෙනා බන්ධනාගාර ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














