ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබාදී තිබෙනවා.
ඒ තලෙයිබාන් පාලනාධිකාරිය විසින්.
මෙම කණ්ඩායම අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුලු අපරාධවලට වැරදිකරුවන් වූ පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඉස්ලාමීය කණ්ඩායම විසින් මසක් තුළ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වනවා.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝහා ප්‍රදේශයේ තලෙයිබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කාන්තාවන් තිදෙනා දඩුවම් කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි.
කෙසේ වෙතත් කස පහරට ලක්වූ පිරිමි පුද්ගලයින් 12 දෙනා බන්ධනාගාර ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













