දහම් පාසල් පද්ධතිය දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් පවතින අභියෝග සඳහා වත්මන් රජය යටතේ විසඳුම් ලබා දෙන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ දහම් අධ්‍යාපනයට එල්ල වන අභියෝග පිළිබදව නිරත්නරයෙන් සාකච්ඡා කරන නමුත් නිශ්චිත විසදුම් කරා මේ දක්වා එළෑඹ නොමැති බැවින් කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මහනුවර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 45ක දහම් ගුරුවරුන් 512 දෙනෙකු ඇඟයීම නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවාණාගාරයේදි සංවිධාන කොට තිබූ , දහම් ගුරු අභිසෙස් මංගල්‍යය යේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
මෙරට දහම් පාසල් 10 646 ක් පවතින අතර එය සංඛ්‍යාත්මක වශයෙන් පාසල් වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා.
නමුත් විධිමත් පාසල් පද්ධතිය තුළ සිසුන් ලක්ෂ 40ක් අධ්‍යාපනය ලබද්දී දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් සිටින්නේ ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක්.