දහම් පාසල් ගුරුවරුන් සහ දහම් පාසල් සිසු දරුවන්, උපහාරයට ලක් කිරීමේ උලෙළක් රැඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරි සුමනසාර දහම් පාසලේදී පසුගියදා (06) පැවැත්වුණි. ලෝක ගුරු දිනය සහ ළමා දිනය නිමිති කරගනිමින් එම වැඩසටහන් මාලාව රලපනාවේ බුදුරැස් විහාරයේ , සංගිලිකනදරාව සුමනාරාම විහාරය, වව්නියාව දිස්ත්‍රික්ක සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් සංවිධානය කර තිබුණි . එහිදී දහම් පාසල් ගුරුවරුන් 14 දෙනෙකු උපහාරට ලක් වු අතර සිසු සිසුවියන් 200 ට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කෙරුණි. මැදවච්චිය, රැඹෑව සහ වව්නියාව ඇතුලු ප්‍රදේශ රැසක අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත්වන දුවා දරුවන් සඳහා විවිධ දානපතියන්ගේ උදව් උපකාර මත විවිධ වැඩසටහන් රැසක් පූජ්‍ය ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් මේවන විටත් සිදුකරමින් සිටිති. එම අවස්ථාවට මැදවච්චිය පොලිස් ස්තානාධිපති. ඒ. ඒ.කේ.එස් අධිකාරි මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහ දුවා දරුවන් රැසක් සහභාගි වුහ. ඡායා රූප එවා ඇත.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














