ඇලස්කාවේ නෝම් නගරය ආසන්නයේදී මගීන් දස දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදහන් වී තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, බේරින් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි.
අනතුර වන අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවා ඇතුළු මගීන් 09 දෙනෙකු ගමන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊට කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව ද විදෙස් වාර්තා සදහන් කරනවා.