2025 ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළදී විදෙස් සංචාරකයින් 46,868 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 14,221ක්.
මීට අමතරව චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසකින් ද එම කාලය තුළදී සංචාරකයින් පැමිණ තිබෙනවා.
මේ අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,772,362 ක් ලෙසයි.