ලොව දරුණුතම අවතැන් අර්බුදයට සුඩානය මුහුණදි සිටින බව එරට සහන සංවිධාන පෙන්වා දෙනවා.
2023 වසරේ අප්‍රේල් මාසයේදි සුඩාන යුධ ගැටුම් ආරම්භ වු දිනයේ සිට මේ දක්වා මිලියන 13 කට ආසන්න පිරිසක් තම නිවෙස් අතහැර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේ යුධ ගැටුම් ඉහළ යාමත් සමග උතුරු ඩාර්ෆූර් හි පිහිටා ඇති සම්සාම් අවතැන් කදවුරේ ලක්ෂ 4 ක පමණ පිරිසක්ද මේ වනවිට අවතැන්ව සිටින බව සහන කණ්ඩායම් පවසනවා.
මේ වනවිට උතුරු ඩාර්ෆූර් හි වෙසෙන ජනතාව ඉන් පලායමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සුඩාන ජනතාවට මානුෂිය අවශ්‍යතා අතිමහත් වුවද සම්පත් ඉතා සීමිත වනවා.