සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ සටහනක් තබමින් සමාව ඉල්ලා තිබෙනවා.
පසුගියදා පැවති ජනහමුවකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගය පක්ෂයේ දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා උදාහරණ කරගනිමින් වර්තමාන රජයට එල්ල කළ ප්‍රකාශයක් මත පදනම්ව මෙම පුවත සමාජය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබුණා.
ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මෙම සමාව ගැනීම සිදුකර තිබීම විශේෂත්වයක්.