පසුගිය දා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දඹුල්ල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ සභිකයන් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයකින් මේ බව දැක්වෙනවා.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති පත් කිරීමේදී පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව මෙලෙස පක්ෂ සාමාජිකත්වය හිමිවන සභිකයන් වන්නේ එච්.එම්. සුසිල් හේරත්, ඒ.එම්.පී.ජී. අනිල් ඉන්ද්‍රජිත් දසනායක, කේ.ඩබ්. ධනංජය සම්පත් කරඳගොල්ල, ඒ.ජී. ප්‍රියරංජන කුමාර රත්නායක, එච්.එම්. කුසුමා කුමාරි සහ ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න යන සභිකයන්ගේයි.