පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිවෙකුටත් තනි බලයක් නොලැබී ඇති බවත් දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහයෝගය ලංකා කම්කරු කොංග්‍රසයට හෝ ජාතික ජන බලවේගයට ලබාදෙන්නේද යන්න පිළිබඳව හෙට(16) දින ප්‍රකාශයට පත් කරන බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුරවඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.
දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ ඔහු නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභා රැස්වීමක් අද(15) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වූ අවස්ථාවේදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිගම්බරම් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් සමග තවමත් සාකච්ඡා කර නොමැති බවයි.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක්ම තම සන්ධානයට සාකච්ඡා කිරීමට ආරාධනා ලැබී තිබුණත් එම දේශපාලන පක්ෂ කිසිවෙකුත් සමග තමන් සාකච්ඡා නොකල බවත් ඔහු කියා සිටියා.
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහයෝගය නොදක්වා විපක්ෂයේ සිටීමට අදහසක් ඇති බවද පලනි දිගම්බරම් මහතා කියා සිටියා.
කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ විධායක සභාවේ නිලතල කිහිපයක් අලුතින් පත් කළ බවත් ඒ අනුව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ ලේකම් වශයෙන් කනපති නගුලේෂ්, භාණ්ඩාගාරික ලෙස ශාන් ප්‍රභා, ප්‍රචාරක ලේකම් වශයෙන් ඒ. කල්‍යාණ කුමාර් යන මහත්වරුන් පත් කළ බවත් පලනි දිගම්බරම් මහතා කියා සිටියා.