උතුර සහ නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් එකසිය හත “107” ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අද වවුනියාවේදී මෙය හඳුන්වා දී ඇති බව වාර්තා වේ.