දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බවයි වාර්තා වෙන්නේ.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් මෙම පාර්සල්වල අඩංගු බව වාර්තා වෙනවා.
මෙම පාර්සල් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව පියවර ගෙන තිබුණා.