දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසනවා.
ඔහු ප්රකාශ කළේ ලබන මාසයේ එම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවයි.
පසුගියදා පැවති ගුරු විභාගයේ ප්රතිඵල මත ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වනු ලබනවා.
ආණ්ඩුකාරවරයා ප්රකාශ කළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඔවුන් පුරප්පාඩු සහිත පාසල්වලට අනියුක්ත කරන බවයි.