දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
තම ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඒ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එළැඹෙන මැයි මස 02 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඔහු එම ධුරයෙන් විශ්රාම යනු ඇති.
කෙසේ වෙතත් පුරප්පාඩු වන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා මේ වන විට වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තාකරන්නේ.