දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, එරට බලධාරීන් පවසනවා. දකුණු කොරියානු දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, බදාදා වර්ෂාව ආරම්භ වීමෙන් පසු 10,000 කට ආසන්න පිරිසක් තම නිවෙස්වලින් ඉවත් කර ඇති බව සඳහන්. එමෙන්ම තවත් 41,000 කට වැඩි නිවාස සංඛ්‍යාවක තාවකාලිකව විදුලියද ඇණ හිට තිබෙනවා.
උණුසුම් පුවත්
- මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්
- ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් මියගිය ගණන 500 ඉක්මවයි
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ආධාර එවයි
- අපදාවෙන් විපතට පත්වූවන්ට රුසියා ජනාධිපතිගේ ශෝකය
- අයහපත් කාළගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට
- පාකිස්ථාන මාධ්‍ය වාර්තා ඉන්දීයාව ප්‍රතික්ෂේප කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ
- විපතට පත් ජනතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අධාර











