දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.
සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව මෙම ජනාධිපතිවරණය පැවැත්වුණා.
ලී ජේ-මියුන්ග් ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට සමත් වූ බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම ජනාධිපතිවරණයට ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කළ බවයි වාර්තා වන්නේ.
ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 41.30ක් බවද සඳහන්.