දකුණු අප්‍රිකාවේ ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ සති කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඉන් හටගත් ගංවතුර හේතුවෙන් අග්නිදිග අප්‍රිකාව පුරා පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි .
ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති මෙම තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ බලධාරීන් පසුගිය ඉරිදා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.
විශේෂයෙන්ම එරට පුමලංගා සහ ලිම්පෝපෝ යන පළාත්වලට මින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
සෙලාටි ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් ද ගංවතුරට විනාශ වී ඇති බව සඳහන්.
දෙසැම්බර් මාසයේ අවසානයේ සිට දකුණු අප්‍රිකාව, මොසැම්බික් සහ සිම්බාබ්වේ යන රටවලට මෙම අධික වර්ෂාව බලපා තිබුණා.
මින් මොසැම්බික් රාජ්‍යයෙන් පමණක් මරණ 100 කට වඩා වාර්තා වූ බව සඳහන්.










